Thursday, July 26, 2012


රාවණා (ගගන දඟ පෑ බලැති එඩි ඇති පතල ලෝ යස ගායනා) 


 


රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං........................!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, July 17, 2012

අද දින මා විසින් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ රාවණ රජු විසින් භවිතා කල ඉපැරනි එහෙත් ඉතා වටිනා තාක්ශනයක් ගැනයි.....


මෙම රූපවාහිනී කතා මාලාව මුල සිට අගට නොබැලූ අයෙක් නොමැති තරම්...එදා අප රූප වාහිනිය ඉදිරිපිට වාඩිවී ඉතා ආසාවෙන් බැලූ මෙම කතා මාලාවේ ඇතැම් දසුන් සැබෑ දසුන් මෙන් පරිගනක තාක්ශනය උපයෝගී කරගනිමින් නිර්මානය කර තිබූ බව ඔබට මතක ඇති.....

 
වර්තමානය වන විට රූපවාහිනී කතා වල මනංකල්පිත යැයි කියා ඇතුලත් මෙම සැබෑ තාක්ශනයේ නියම උරුමක්කාරයින් අප යැයි කිවූ හොත් ඔබ පුදුමයට පත් වනවා නිසැකයි....
 කාල කප්පර පුස්තකයෙහි සඳහන් වන ආකාරයට රාවන රජු හමුවේ තිබු ඉතා වටිනා තාක්ශන කිහිපයක්ම මෙම කතා මාලාව සඳහා එක්කර ඇත..

1) ගිනි විදුම් යානාව
2) ගිනි බල ඇඳුම
3) පලිඟු භව තරන යානය
4) වා විදුලි පුලිඟුව

මෙම කතාවෙහි එන බලය ඔබටත් තිබුනානම් යැයි ඔබට නොසිතුනා නොවේද? 
නමුත් අප රාවනයන්ගේ අතීත හමුදාව සතුව තිබූ ඉතා බලගත් ආයුද කිහිපයක් හා යානාවක් වටා මේ කතා මාලාව සම්පූර්නයෙන් දිවයයි...

එදා මෙතරම් තාක්ශනයක් භාවිතා කල ලංකා පුරයේ වැසියන් අද වනවිට තම මොලය වර්තමානයට ඔබින අකාරයට වත් භාවිතා නොකිරීම ගැන අප මහා යක් රජුද දුක් වනවාට සැක නැත....එදා රට වෙනුවෙන් මෙතරම් තාක්ශනයක් සොයාගනිමින් රටට සේවය කල රටක වැසියන් අද වන විට රට වෙනුවෙන් තමාගෙන් සිදුවිය යුතු යුතුකම් කොටස වත් ඉ‍ටු නොකිරීම කෙතරම් කනගා‍ටු විය යුතු කරුනක්ද......
 රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං........................!!!!!!!!!!!!!!!!!!!!
 

Monday, July 16, 2012

 Comment මගින් අප සමග අදහස් හුවමාරු කරගන්නා අපගේ පාඨකටන් වෙතයි................


අපගේ පලවූ සහ ඉදිරියට පලවන ලිපිවල ඇතුලත් සියලු දෑ කියවා ඔබගේ මනසට ලබා ගැනීමට යමක් ඇත්නම් එය ඔබේ මනසේ තැම්පත් කරගන්න.....
 මෙහි එන සියලු දෑ කමකට නොමැතිනම්.... ඔබේ මුවගට නැගෙන ඕනෑම දෙයක් comment ලෙස දැනුම් දෙන්න.....
ඕනෑම දෙයක් භාරගැනීමට අප සූදානම්...
 ඔබට මුලු මහත් සමාජයම වෙනස්කර හොඳ මගකට ගැනීමට නොහැකිනම්... ඔබ පමනක් හෝ යහ මගට පැමිනෙන්න... ඉන් අනතුරුව මුලු සමාජයම නිවැරදි මාවතක සිටින බව ඔබට පෙනේවි........

හැදූ වැඩූ දෙමාපියන්ට ගරු කරමු...
ලංකා පුරය නිවැරදි මාවතකට යොමුකරමු...
උපන් බිමට කලගුන සලකමු....

අප විසින් ලබාගත් දෑ මෙන්ම අපෙනුත් රටට යමක් අවශය කාලය දැන් එලඹ ඇත....


ඔබ අපත් සමග නම් comment මගින් හෝ අපට සහය පලකරන්න......


රාවනා සිධ්ධං..................!!!!
අපමන ගල් මුල් මැද ලංකා පුරයේ ජනතාවට සේවයක් කර මිය ගියද...., මාගේ සිතෙහි කිසිඳු දුකක් ඇති නොවන බව දන්නා එකම පුද්ගලයාද මමයි

ලංකා පුරයෙහි ඉපදීමට තරම් ඔබ විසින් පෙර අත් භවයෙහි කල පින කෙතරම් දැයි ඔබ නොදන්නවා ඇති..නමුත් ඔබ විසින් දැනගතයුතු එකම දෙය මේ රාවන පුරයෙහි ඉපදීමට ඔබ කල පින කුමක්ද යන්නයි.... මන්ද නිවන් දකින තුරුම මේ ලංකා පුරයෙහි ඉපදීමට කැමැත්තෙන් සිටිනා දහසකුත් මිනිසුන් සිටිනා බව අප දන්න හෙයිනි..




රාවන රජුන් නැවතත් අප අතරට පැමිනෙන්නේ අපගේ ජීවිතවල අප නොදකින,අප විසින් කිසිදිනෙක තේරුම් ගැනීමට උත්සාහා නොකරන්නාවූ දහසක් දේ අපගේ ඇස් පනාපිටම තේරුම් කර දීමටයි....

මෙතරම් අගනා සොභාවදර්මයක් ඇති රටක ඉපදීම අපට එතරම් ගනනක් නැත... නමුත් කිලෝ මීටර දහස් ගනනක් විශාල කාන්තාරයක් සිහියට නගා ගන්න.. දැන් ඔබ වඩාත් කැමති මෙම පරිසරයන් දෙකෙන් කිනම් පරිසරයක ජීවත් වෙන්නද......?
දෙවරක් නොසිතාම ඔබගේ සිත ලංකා පුරය වැලඳ ගන්නවා ඇති.....

දෙමාපියන්ට සැලකීම... පරෝපකාරීත්වය....මෛත්‍රිය... යන ප්‍රදාන කරුනු තුනට ඔබගේ ජීවිතයේ මූලිකත්වය ලබාදෙන්න..ඔබ නොදැනුවත්වම ඔබගේ මතු ආත්මය ඔබව මේ  භූමිය වෙතම ‍රැගෙන එනවා ඇත.....

අප මහා රාවනයන් අපගේ ජීවිත වලට පැමිනෙන්නේ වර්තමාන සමාජයේ ලංකාපුරයට ලැබියයුතු ගෞරවයත්,නිසි තැනත් ලබාදීම සඳහායි...
එතුමන් නැවත පැමිනීමෙන් පසු මහා විනාශයක් හෝ ලෝකයටම යුද ප්‍රකාශ කිරීමක් සිදු නොවන බව ලංකා වාසී ජනතාව දැනගතයුතුම කරුනකි...
ලෝකයේ ලොකුම යුද තාක්ෂනය අප සතුවුවත් කිසිදිනෙක මිනිස් සංහාරයක් සිදු නොවන්නට එතුමන් වගබලා ගන්නවා ඇත........



දහසකුත් පර්යේශන අතර තුර ඔබ වෙනුවෙන් කරුනු කිහිපයක් ගෙනහැර දැක් වීම සඳහා ලැබුනු කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ලබාදෙන ලිපියකි....

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

Thursday, July 12, 2012

ඇදහිය නොහැකි තාක්ෂනය කැටිකරගත් පුෂ්පක යානයෙන් නිකුත් වූ එම ආලෝක ධාරාව දැකගැනීමට තරම් දැන් ඔබ වාසනාවන්ත නරයින් පිරිසක් වී ඇති බව ඔබට හැ‍ඟෙනවා නොවෙද....?

රාවන රජුන්ගේ අනාගත මංගල හස්තියා මේ වන විට පින්නවල සිටිනා බව අද උදෑසන මම හිමාලයේ වෙසෙන ශ්‍රී මුටානන් ගෙන් අසා දැන ගතිමි..
නුදුරු අනාගතයේදී දවසක ඔබටද අප යක් රජුන් හස්තියා පිට ගමන් කරන ආකාරය දැක ගැනීමට වාසනාව උදාවනු ඇත..එම යානය කිසිවෙකුට නොපෙනී තම කාර්යය සිදු නොකර ලංකා වාසීන්ට දර්ශනය වීමට ඉඩ සැලසුවේ තවමත් ඇතමුන් මෙම රාවන කතාව මිත්යාවක් ලෙස සලකන බැවිනි..

මෙන්න එම වීඩියෝව ඔබත් නරඹන්න........









කිසිදිනෙක නොපසුබට ශක්තියකින් හෙබි ලංකා පුරයෙහි ජනතාව දුක් වින්දා ඇති....
රාවණා රජුන්ගේ නැවත පැමිනීමත් සමග අපගේ ජිවිත වලට මහා වාසනාවන්ත කාලයක් එලඹෙනු ඇති..එතුමන් පැමින අපගේ ලංකා පුරය නිවැරදිම මාවතට ගත් පසු අප නිදහස් නිවහල් රටක සතුටින් ජීවත්වෙමු...
නමුත් එතුමන් පැමිනෙනතෙක් අපගේ රටට කිසිඳු අපකීර්තියක් නොවන පරිද්දෙන් සාමකාමී,දැහැමි,මානුශිකත්වය ඉහලින්ම අගයනා වාසනාවන්ත රටක් කිරීමේ විශාල වගකීම අප සතු නොවන්නේද......?????
වාසනාවන්ත අනාගතයක් හිමි අප.. අපගේ වර්තමානය අපකීර්තිමත් කරගන්නෙ ඇයි...???

වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවෛරයෙන්ම වෛරය සන්සිඳේ...... ( බුද්ධ දර්මය )

අස්සලාමූ අලෙයිකුම් { සැමට ශාන්තියක්ම වේවා} (ඉස්ලාම් ආගම)

අසල්වැසියාට ප්‍රේම කරන්න(  ක්‍රිස්තියානි ආගම )

මෙම සෑම ආගමකින්ම තම භක්තිකයන් හට ලබා දෙන එකම පනිවුඩය කුමක්ද...?
එනම් සැම අයෙක් සමගම සුහදතාවය වර්දනය කරගැනීමම නොවේද...
එසේනම් අපවිසින් අපගෙ මවු රට වෙනුවෙන් කලහැකි ලොකුම උපකාරය කුමක්ද යන්න ඔබට මැනවින් වටහෙනු ඇති.මෙතෙක් අප බෙදී වෙන්වී රටට කල නොමනා කම් දැන්වත් නවතා ලෝකයට අලුත් ආදර්ශයක් වෙමු...

තොපේ ඇස් හොඳින් පේනවානම් නම් දැන්වත් හොදට බලපියව් අපේ යක් රජා යනකොට අපිට දීලා ගියපු රටද මේ තියෙන්නෙ කියලා....
තොපි එකතුවෙල මේ විනාස කොරන්නෙ ලෝකෙටම තාක්ශනය දීපු ලෝක බලවතා නොවෙයිද කියලා...
ඔන්න දැන් අයෙම අපෙ උත්තමය එනවා...තොපිට ඒකවත් විස්වාස කොරන්න බෑ නේද....?දැන්වත් රටගැන හිතලා ජීවත් වෙයල්ල..........

තොපිට වින කොරන්න තරම් හපනෙක් මේ විශ්වයෙම නෑ.....

අපිව මේ ලෝකෙට ජාතක කරපු අම්මටයි තාත්තටයි පිනක් සිද්ද වෙන්නේ අපි අපේ රටට ආදරෙන් හිටියොත් තමයි.. අන්න ඒක දැනගනියව්.....

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

Tuesday, July 10, 2012


පසුගිය 6 වන දින නැවත වතාවක් අප මහා යක් රජුගේ නැවත පැමිනීම පිලිබඳ පෙර දැනුම් දීමක් සිදුවිය..

ප්‍රවීන ප්‍රවීන ජයාරූප ශිල්පී කීර්ති අමර සේකර මහතා විසින් කලා වැව ආසන්නයේ වල් අලින්ගේ ඡායා රූප ගැනීමට ගිය අවස්තාවක එතුමාගේ D 90 වර්ගයේ කැමරාවෙහි සටහන් වූ අද්භූත යානාවයි මේ











එතුමානන්ගේ යානය මේ වන විට  රාවණා රජුගේ ඉපැරනි ගුවන් තො‍ටුපොලවල් හා රහස් ගොඩබෑම් වලට සුදුසු ප්‍රදේශ මේ වන විටත් සොයමින් පවතියි..

අප පින්වතුන් හට මේ දැකගත හැක්කේ පුෂ්පක යානයයි..නියමුවෙක් නොමැතිව ගුවන සිසාරා මේ වනවිටත් මෙම යානය සැරිසරයි... මාගේ හිත මිත්‍ර තාපස ශ්‍රී මුටානන් මනසින් මා හා  සම්භන්ද වූ අවස්තාවේ මාහට පැවසුවේ අප මහා යක් රජ මේ වනවිට තම පිබිදීම සඳහා සියලුම දේ සූදානම් කරන බවයි...

රානර බලංග පුස්තකයෙහිද මෙම යානය ගැන ඉතාමත් ලොකු විස්තරයක් වෙයි...(එම විස්තරය පසුව බලාපොරොත්තු වන්න) මේ වන විටත් ඔබගේ නිවසට ඉහලින් අකුනු සැරයකටත් වඩා වේගයෙන් මෙම පුශ්පක යානය ගමන් කරනවා විය හැක.. ලංකා පුරයෙහි වෙසෙන පිංවත් නරයින්ගේ කාලය දැන් එලඹ ඇත..

 ඔවුන් හට ලැබුනු මෙම අවස්තාව නැවත උදුරා ගැනීමට පර සුද්දන් හට කිසිඳු අවස්තාවක් නැවත නම් නොලැබෙනු ඇත..අප ලොවම මවිත කරවන ලංකා පුරයෙහි නැවත හිස එසවීමයි මේ......ඉතින් දැන් අපගේ කාලයයි...

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං........................!!!!!!!!!!!!!!!!!!!!
රාවණ ගවේශක හිතවතුනි......

ඔබ ලබගන්නා දැනුම අපිට ඉමහත් සතුටකි....
___________________________________

මව් රට අපෙ මව මෙන් අප ‍රැක ගත් පින හින්දා
ලක් පුරයට වාසනාවෙ අසිපත යලි කැන්දා
රාවණ නිරිඳුන් අපවෙත එන බව හිත රන්දා
දොහොත් මුදුන් තබා මමත් එතුමන් හට වැන්දා

දිගු නින්දක සිටින අපේ යක් රජු ගැන දන්න
කිහිප දෙනෙක් හැදුවත් ඔබ දැනුමෙන් පුරවන්න
නිවනට යන මග අහුරන් සසරෙම තව ඉන්න
එපා ඔබේ මුලු දිවියම කඳුලින් පුරවන්න

මුතු කැටයක් වගෙ මේ රට ලෝකෙම හොල්ලන්න
දවසක උඩටම එන බව දැනගෙන ඔබ ඉන්න
ලක් පුරයෙහි ඉපදුන පින සමහරු නොම දන්න
තව වසරක් ගෙවෙනා විට හැකිවෙයි දැන ගන්න

ආගම් භේදය සිත් තුල වපුරන්නට දන්නා
අය ලඟදිම ලක් පුරයෙන් ඉවතට විසි වෙන්නා
පින් කල ඔබ සැම තවමත් ලක් පුරයෙහි ඉන්නා
පතුරා සිත් තුල සාමය නිවනට ලං වෙන්නා





රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

Monday, July 9, 2012

රාවණ ගවේශක හිතවතුනි......

ඔබේ ආදරනීය මීවනපලානේ ජයරත්නයන් පවසනා සියල්ලට මමද එකඟවෙමි. චුට්ටංග නාග පුස්තකයෙහි සඳහන් වන පරිදි අප මහා හෙල යකු රාවන මහ රජානන් අපගේ ශ්‍රී ලංකාව තුලදී ලෝකයේ වටිනාම,වැදගත්ම සෑම තාක්ශනයක්ම භාවිත කර ඇත..අද වනවිට පර සුද්දන්ගේ යැයි පවසන සෑම දෙයකම මුල් හිමිකරුවන් අපය..අපෙන් සොරාගත් පුස්කොලපොත් සියල්ලක්ම අද වනවිට ඔවුන් විසින් පරිශීලනයකර එහි ඇතුලත් දෑ ඔවුන් විසින් පලමුවෙන් නිපදවූවායැයි පවසමින් ලොවටම මව පා ඇත්තේ මහා බොරුවකි.. 2013 වසර එලඹීමත් සමග මුලු ලොවම කනපිට පෙරලමින් අපගෙ මහා හෙල යකු අවදි වීමත් සමග ලෝකයෙ මහා බලවතා වන ඇමරිකාවද මේ පුංචි ශ්‍රී ලංකාව ඉදිරියේ දන නමනු ඇත..

ඉතින් දැන් ඔබ හදවතට වදදෙන මහා ප්‍රශ්නයක් අද නිරාකරනය කර දීමට මා සූදානම්...

_-ඇයි මේ රාවණා දැන්ම ඇවිත් අපේ රටට සෙතක් කරන්නෙ නැත්තෙ...??????

නමුත් මුලින්ම මා හට ඔබෙන් එක් කරුනක් විමසීමට අවසරයි.... අද දවසට ඔබ විසින් කල වැරදි ප්‍රමානය දැන් ඔබේ මනසට නගාගන්න....
වෙනෙකෙකු වෙනුවෙන් ඔබ කල හොඳ වැඩද සිහියට නගාගන්න.. දැන් ඔබ කල එක් වැ‍රැද්දකට එක් හොඳ වැඩක් බැගින් කපාහරින්න....

ඉතිරි වූයේ හොඳ වැඩද.... ?  නැතිනම් නරක වැඩද....?

හොඳ වැඩ ඉතිරි වූයේනම් ඔබ රාවනා රජු හට නැවත නින්දෙන් පිබිදීමට පින් ලබාදෙන්නෙකි.....
නරක වැඩ ඉතිරි වූයේනම් ඔබ රාවනා රජු හට නැවත නින්දෙන් පිබිදීම පමා කරන්නෙකි..

දැන් බලමු ඇයි එහෙම වෙන්නේ කියලා....
නර නින්ද නාවලං පුස්තකයෙහි සඳහන් වන පරිදි එතුමානන්ගේ මරනය නින්දක් බවට පරිවර්තනය වී ඇත්තේ එකල අප යකුන්ගේ එකිනෙකා කෙරෙහි තිබුනු මහා පරෝපකාරීත්වයට ලැබුනු .උපහාරක් වශයෙනුයි.නමුත් මේ වනතුරු ලංකා පුරය තුල සිදුවූ මහා මිනිස් සංහාරයන්..නොමිනිස්කම්... එතුමානන්ගේ නැවත පිබිදීමට තිබූ මහා බාදකයක් විය.එම වැට කඩුලු බැඳි පවු‍ටු ක්‍රියා දැන් ක්‍රමයෙන් පහවගොස් ඇත. දැන් ඔබට වැටහෙනු ඇති එතුමානන්ගේ නැවත පිබිදීම ප්‍රමාදවීමට හේතුව.. නමුත් අප විසින් සිදු කරනා සෑම ක්‍රියාවකම පවු‍ටු ප්‍රතිපල නැවත නැවතත් එතුමානන්ගේ පිබිදීම ප්‍රමාද කරන්නකි..

ඔබ දන්නවාද ශ්‍රී ලංකාව මුලු ලෝකයටම ආදර්ශයක් බව...

සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි යන සියලුම ආගම් නියෝජනය කරන ශ්‍රී ලංකාවට අද වනවිටද ලෝකයම සැලකීමක් ලැබී ඇති බව ඔබ දන්නවාද?

විදේශ රටවල් කිහිපයකට ගිය අයෙක් වේනම් එය මැනවින් දන්නවා ඇති..රටවල් 40කට වැඩි ප්‍රමානයකට විවිධ පරීක්ශන සඳහා සංචාරය කල මානම් එය මැනවින් වටහා ගතිමි...
අප විසින්ම අපට ලැබීමට නියමිත සියලුදේ නැවත නැවතත් නැතිකරගන්නාවාද කියා ඔබෙන් පැනයක් ඇසීමට මට අයිතියක් ඇත..
තවමත් ඔබ විසින් කරනුයේ එතුමානන්ගේ පිබිදීම ප්‍රමාද කරන ක්‍රියානම්...

ඔබ දේශ ද්‍රෝහියෙකි....
ඔබ ජාති ද්‍රෝහියෙකි....

කිසිදිනෙක අප නිකමුන් නොවනබව මේ මුලු ලෝකයටම පෙන්වීමට මේ කාලයයි......
එය එසේ තිබියදී ඔබ විසින් නැතිකරනුයේ අපගේ අභිමානයයි......

මෙම ලිපියෙහි දෙවන කොටස ලෙසින් ලෝකංභ නාහිත පුස්තකයෙහි එන නුදුරු අනාගතයේදීම අප ශ්‍රී ලංකා පුරයට ලැබීමට නියමිත මහා ගෞරවය හා අපගේ යක් රජුන්ගේ නිර්මානයන්හි අයිතියන් ගැන ඔබව දැනුවත් කරන්නම්........


රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

Sunday, July 8, 2012

මාගේ හිතවත් මීවනපලානේ ජයරත්නයන් හා සමකාලීන මිතුරකු ලෙසින් ඔහු සමග පරීක්ශන කටයුතුවල නියැලී අප ලබාගත් අතිශයින්ම රහසිගත හෙල යකුන්ගේ අධි තාක්ශනය පිලිබඳ තොරතුරු ඔබවෙත දිග හැරුමට මෙයින් අවසරයි........

ඔබට කිසි දිනෙක දැකීමට නොහැකි.....
මෙතෙක් එය දැකීමට වරම් නොලද.....

අපගේ පින්වන්ත හෙළුවන්ට උපහාරයක් වශයෙන් රාවන ගවේශකයෙකු වන මම හා... මා සමග අවුරුදු 120 ක පටන් හිතවතෙකු වන, මේ වනවිටත් හිමාලයේ  ඝංටාරීකාල ලෙන් තුල තපස් රකින්නෙකු වන ශ්‍රී මුටානන් හා එක්වී ඔබ වෙනුවෙන් පංචාංතිලෝකං පුස්තක 5 සරල සිංහලට පරිවර්තනය කිරීම මේ වනවිටත් සිදු කරමින් සිටිමි....

චුට්ටංග නාග පුස්තකය
කාල කප්පර පුස්තකය
රානරබලංග පුස්තකය
ලෝකංභ නාහිත පුස්තකය
නර නින්ද නාවලං පුස්තකය


මෙම පංච පුස්තකයන්හී ඇතුලත් වන සියලුම වැදගත් මර්මස්ථාන ඉදිරියේදී ඔබ වෙත හෙලිකරන වගයි............

රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං........................!!!!!!!!!!!!!!!!!!!!