Monday, July 9, 2012

රාවණ ගවේශක හිතවතුනි......

ඔබේ ආදරනීය මීවනපලානේ ජයරත්නයන් පවසනා සියල්ලට මමද එකඟවෙමි. චුට්ටංග නාග පුස්තකයෙහි සඳහන් වන පරිදි අප මහා හෙල යකු රාවන මහ රජානන් අපගේ ශ්‍රී ලංකාව තුලදී ලෝකයේ වටිනාම,වැදගත්ම සෑම තාක්ශනයක්ම භාවිත කර ඇත..අද වනවිට පර සුද්දන්ගේ යැයි පවසන සෑම දෙයකම මුල් හිමිකරුවන් අපය..අපෙන් සොරාගත් පුස්කොලපොත් සියල්ලක්ම අද වනවිට ඔවුන් විසින් පරිශීලනයකර එහි ඇතුලත් දෑ ඔවුන් විසින් පලමුවෙන් නිපදවූවායැයි පවසමින් ලොවටම මව පා ඇත්තේ මහා බොරුවකි.. 2013 වසර එලඹීමත් සමග මුලු ලොවම කනපිට පෙරලමින් අපගෙ මහා හෙල යකු අවදි වීමත් සමග ලෝකයෙ මහා බලවතා වන ඇමරිකාවද මේ පුංචි ශ්‍රී ලංකාව ඉදිරියේ දන නමනු ඇත..

ඉතින් දැන් ඔබ හදවතට වදදෙන මහා ප්‍රශ්නයක් අද නිරාකරනය කර දීමට මා සූදානම්...

_-ඇයි මේ රාවණා දැන්ම ඇවිත් අපේ රටට සෙතක් කරන්නෙ නැත්තෙ...??????

නමුත් මුලින්ම මා හට ඔබෙන් එක් කරුනක් විමසීමට අවසරයි.... අද දවසට ඔබ විසින් කල වැරදි ප්‍රමානය දැන් ඔබේ මනසට නගාගන්න....
වෙනෙකෙකු වෙනුවෙන් ඔබ කල හොඳ වැඩද සිහියට නගාගන්න.. දැන් ඔබ කල එක් වැ‍රැද්දකට එක් හොඳ වැඩක් බැගින් කපාහරින්න....

ඉතිරි වූයේ හොඳ වැඩද.... ?  නැතිනම් නරක වැඩද....?

හොඳ වැඩ ඉතිරි වූයේනම් ඔබ රාවනා රජු හට නැවත නින්දෙන් පිබිදීමට පින් ලබාදෙන්නෙකි.....
නරක වැඩ ඉතිරි වූයේනම් ඔබ රාවනා රජු හට නැවත නින්දෙන් පිබිදීම පමා කරන්නෙකි..

දැන් බලමු ඇයි එහෙම වෙන්නේ කියලා....
නර නින්ද නාවලං පුස්තකයෙහි සඳහන් වන පරිදි එතුමානන්ගේ මරනය නින්දක් බවට පරිවර්තනය වී ඇත්තේ එකල අප යකුන්ගේ එකිනෙකා කෙරෙහි තිබුනු මහා පරෝපකාරීත්වයට ලැබුනු .උපහාරක් වශයෙනුයි.නමුත් මේ වනතුරු ලංකා පුරය තුල සිදුවූ මහා මිනිස් සංහාරයන්..නොමිනිස්කම්... එතුමානන්ගේ නැවත පිබිදීමට තිබූ මහා බාදකයක් විය.එම වැට කඩුලු බැඳි පවු‍ටු ක්‍රියා දැන් ක්‍රමයෙන් පහවගොස් ඇත. දැන් ඔබට වැටහෙනු ඇති එතුමානන්ගේ නැවත පිබිදීම ප්‍රමාදවීමට හේතුව.. නමුත් අප විසින් සිදු කරනා සෑම ක්‍රියාවකම පවු‍ටු ප්‍රතිපල නැවත නැවතත් එතුමානන්ගේ පිබිදීම ප්‍රමාද කරන්නකි..

ඔබ දන්නවාද ශ්‍රී ලංකාව මුලු ලෝකයටම ආදර්ශයක් බව...

සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි යන සියලුම ආගම් නියෝජනය කරන ශ්‍රී ලංකාවට අද වනවිටද ලෝකයම සැලකීමක් ලැබී ඇති බව ඔබ දන්නවාද?

විදේශ රටවල් කිහිපයකට ගිය අයෙක් වේනම් එය මැනවින් දන්නවා ඇති..රටවල් 40කට වැඩි ප්‍රමානයකට විවිධ පරීක්ශන සඳහා සංචාරය කල මානම් එය මැනවින් වටහා ගතිමි...
අප විසින්ම අපට ලැබීමට නියමිත සියලුදේ නැවත නැවතත් නැතිකරගන්නාවාද කියා ඔබෙන් පැනයක් ඇසීමට මට අයිතියක් ඇත..
තවමත් ඔබ විසින් කරනුයේ එතුමානන්ගේ පිබිදීම ප්‍රමාද කරන ක්‍රියානම්...

ඔබ දේශ ද්‍රෝහියෙකි....
ඔබ ජාති ද්‍රෝහියෙකි....

කිසිදිනෙක අප නිකමුන් නොවනබව මේ මුලු ලෝකයටම පෙන්වීමට මේ කාලයයි......
එය එසේ තිබියදී ඔබ විසින් නැතිකරනුයේ අපගේ අභිමානයයි......

මෙම ලිපියෙහි දෙවන කොටස ලෙසින් ලෝකංභ නාහිත පුස්තකයෙහි එන නුදුරු අනාගතයේදීම අප ශ්‍රී ලංකා පුරයට ලැබීමට නියමිත මහා ගෞරවය හා අපගේ යක් රජුන්ගේ නිර්මානයන්හි අයිතියන් ගැන ඔබව දැනුවත් කරන්නම්........


රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

6 comments:

  1. රාවනා ආපසු එන්නේ 2012 ඔක්තෝම්බර් 27 දින වබ සැලයි!

    ReplyDelete
    Replies
    1. 2012 ඔක්තෝම්බර් 27 න් පස්සෙ උබට සූරේ කන්න වෙයි.

      Delete
  2. ඉතාමත් හොඳ ගවේශනාත්මක ලිපියක්. දිගටම ලියන්න, මගේ කියවීම් ලයිස්තුවටත් මෙය එක් කළා. ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  3. නුදුරු අනාගතයේ පහලවන අප මහා යක් රජුගේ එහෙමත් නැතිනම් අපගේ පිනට නැවත නින්දෙන් පිබිදෙන මහා රාවනයන් ගැන ලංකා පුරය දැනුවත් කිරීමේ මහා පිංවත් කටයුත්තට මීවන පලානේ ජයරත්නයන් හට මාගේ ස්තුතිය.....

    ReplyDelete
  4. නර නින්ද නාවලං පුස්තකය යනු කුමන ආකාරයේ පොතක්ද යන්න දැන ගැනීමට කැමතිය.

    ReplyDelete
    Replies
    1. නර නින්ද නාවලං පුස්තකය යනු..මිනිසෙකුගේ නින්දේ ස්වභාවය හා නින්ද පිලිබඳව කරුනු දහස් ගනනක් ඇති ඉපැරනි පුස්තකයකි..
      මෙහිදී මිනිසාගේ නින්ද පිලිබඳව ඉතා ගැඹුරින් පැහැදිලි කරයි....
      මෙහි ඇති ආකාරයට ඔබව තවත් අවුරුදු 10000 කට හෝ 100000 වුවද නිදිකරවිය හැක....

      Delete