Tuesday, July 10, 2012

රාවණ ගවේශක හිතවතුනි......

ඔබ ලබගන්නා දැනුම අපිට ඉමහත් සතුටකි....
___________________________________

මව් රට අපෙ මව මෙන් අප ‍රැක ගත් පින හින්දා
ලක් පුරයට වාසනාවෙ අසිපත යලි කැන්දා
රාවණ නිරිඳුන් අපවෙත එන බව හිත රන්දා
දොහොත් මුදුන් තබා මමත් එතුමන් හට වැන්දා

දිගු නින්දක සිටින අපේ යක් රජු ගැන දන්න
කිහිප දෙනෙක් හැදුවත් ඔබ දැනුමෙන් පුරවන්න
නිවනට යන මග අහුරන් සසරෙම තව ඉන්න
එපා ඔබේ මුලු දිවියම කඳුලින් පුරවන්න

මුතු කැටයක් වගෙ මේ රට ලෝකෙම හොල්ලන්න
දවසක උඩටම එන බව දැනගෙන ඔබ ඉන්න
ලක් පුරයෙහි ඉපදුන පින සමහරු නොම දන්න
තව වසරක් ගෙවෙනා විට හැකිවෙයි දැන ගන්න

ආගම් භේදය සිත් තුල වපුරන්නට දන්නා
අය ලඟදිම ලක් පුරයෙන් ඉවතට විසි වෙන්නා
පින් කල ඔබ සැම තවමත් ලක් පුරයෙහි ඉන්නා
පතුරා සිත් තුල සාමය නිවනට ලං වෙන්නා





රාවනා සිධ්ධං බල තුහිං යක්ඛං තුහි පාතං...........!!!!!!!!!!!!!!

No comments:

Post a Comment